සජිත්ට ජනපති අපේක්‍ෂකත්වය ලබාදීම, පමාකිරීම ජයග්‍රහණයට බාධාවක් වුණා; තිස්ස අත්තනායක

නොවැ 23, 2019

    සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීම ප්‍රමාද කිරීම ජයග්‍රහණයට විශාල බාධාවක් වූ බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාංශ ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසයි.

    තිස්ස අත්තනායක මහතා මේ බව අනාවරණය කළේ, මැතිවරණ මෙහෙයුම් ක්‍රියාවලිය පැවති ආකාරය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලය මගින් සිදු කළේ, මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සංවිධාන කිරීම, විශේෂ අවස්ථා සූදානම් කිරීම, එක්සත් ජාතික පෙරමුණ හා ඊට අනුබද්ධ සංවිධාන සම්බන්ධීකරණය ආදී කටයුතු. එම කරුණු උපරිමයෙන් හා කාර්යක්‍ෂමව සිදු වූ බව සජිත් ප්‍රේමදාස මහතාගේ සිට පක්‍ෂයේ සියලු දෙනා දන්නා කරණක් බව අත්තනායක මහතා පවසයි. පක්‍ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණේ, එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයටයි. එහෙත්, එම කාර්යය නිවැරදිව හා මනා කළමනාකාරිත්වයකින් යුතු මෙහෙය වූවාද යන්න එහි වගකීම් ඇති සියලු නායකයින් අවංකවම සිතා බැලිය යුතුව ඇතැයි එම නිවේදනයේ සඳහන්. මේ අතර, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, තමන්ට හා පක්‍ෂයට පැවරූ වගකීම් නිසි ලෙස ඉටු කළ බවයි.

    Latest News