එහි ප්‍රථම වැඩසටහන ආරම්භ කෙරුණේ, කොළඹ නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයෙන්. ඊට සමගාමීව ගාලුමුවදොර පිටියේ හා පිටකොටුව බෝ සමිඳු අභියසදී ද පාරිසරික මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. කොළඹ ප්‍රදේශයේ කසළ කළමනාකරණයේ යෙදෙන පෞද්ගලික ආයතන අධීක්ෂණය කිරීම ද මින් පසු සිදු කෙරෙන්නේ පොලිස් පරිසර කොට්ඨාසය මගින්. නව මෙහෙයුමෙහි සමාරම්භක අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.