කාසල්රි ජලාශයට ඉන්ධන ගලා ඒමක් (ඡයාරූප)

දෙසැ 02, 2018

    ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

    එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන අතර, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු කැළණි ගගට එක්වේ. වන්නේ බගවන්තලාව මහඑලිය රක්ෂිතයෙන් ගලා බසින කෙසෙල්ගමුඔයෙන් සහ හැටන් සිට ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගය කාසල්රි ජලාශයට ජලය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රවේ.

    කෙසෙල්ගමුඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පුළුල් කිරිම සිදුවන අතර කාසල්රි ජලාශයට ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්ත ශාලා ගණනාවක්ද පිහිටා තිබේ.කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගා වලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරිම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බව ආරක්ෂක අංශ පවසයි.

    තෙල් තට්ටු ගලා එම සම්බන්ධයෙන් පරිසර අධිකාරියට වෙත දැනුවත් කර ඇති බවත්, පරිසර නිලධාරින් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

    කාසල්රි ජලාශයට ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් මිරිදිය මසුන් මුදා හැර ඇත. ජලාශයට තෙල් ගලා ඒමෙන් ජලාශයේ මත්ස්‍යයින්ට දැඩි බලපැමක් එල්ල වන බව ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි පවසයි.

    03

    02

    kasaltriy px 900 18 12 02

    Latest News