අ.පො.ස. (සා.පෙ.)ට පොලිස් ආරක්‍ෂාව

දෙසැ 02, 2018

    හෙට ආරම්භ වන අපොස (සා.පෙ) විභාගය පැවැත්වෙන සියලු මධ්‍යස්ථාන වෙත පොලිස් ආරක්‍ෂාව සැපයීමට තීරණය කර තිබේ.

    ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන 4661ක්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 51ක්, එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් සහ මධ්‍යම එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 02ක් වෙත විශේෂ ආරක්‍ෂාවක් සපයන බව, පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

    සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුලු කණ්ඩායමක් සේවයේ යෙදවේ.

    සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාර සහ පාමුල සංචාර මගින් ආරක්ෂාව සැපයේ. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා ද විශේෂ ආරක්‍ෂාවක් සැපයේ.

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 15:14

    Latest News