එම අයදුම්පත අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින අධිකරණය හමුවේ කැඳවන ලෙසයි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම හෙට දින කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.