ඒ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කොමිසන් සභාවේ සාක්ෂි විමසීම පසුගියදා (10/31) පස්වරු 2.00ට ආරම්භ විය.
එම කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට මෙන්ම මාධ්‍යවේදීන්ට ද විවෘත බවයි. කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයට කැමරා, පටිගත කිරිමේ උපකරණ සහ දුරකථන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම් වේ.