ලබන පාසල් වාරය ආරම්භයේ දී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට පියවර (වීඩියෝ)

නොවැ 26, 2019

    ලබන පාසල් වාරය ආරම්භයේ දී සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.

    හෙට (27) මේ සම්බන්ධ ව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර වෙනුවෙන් පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගන්නා බව ද සහතික කර සිටියි.

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

    එ‍මෙනම් 2019 පාසල් වාරය තව දින තුනකින් (03) නිමාවට පත්වීමට නියමිත ය. එහෙත් 2020 වසර වෙනුවෙන් නියමිත නිල ඇඳුම් දරුවන්ට ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනීම කණගාටුවට කරුණකි. එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතු වේ.

    පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරපත් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් ව තිබූ අතර, ඒ අනුව ඊළඟ වර්ෂවල දී නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදෙන්නේ ද, රෙදි ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ලැබී නොතිබිණි. මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වර්ෂයේ පැවති මිළගණන් යටතේ ම නිල ඇඳුම් සඳහා වවුචරපත් ලබාදීමට අදාළ ව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක් ලබා දී නොමැත.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 20:04

    Latest News