අධ්‍යාපන අමාත්‍යංශය තුළ ගුරු උපදේශක සේවාවක් ස්ථාපනය වන්නේ වසර 62 කට පසුවයි. වසර 60 කට පසු මෙම ගැටලුව විසදුම් ලබා දීමට ගත් තීරණයත් සමග 4971 ක් ගුරු උපදේශක සේවයට එක්වීමට නියමිතයි.
කාරක සභා සභාපති ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබු අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය සහ තුරෙයිරත්නසිංහම් මහතා ද මෙම රැස්වීමට එක්ව සිටියහ. සේවාව ස්ථාපනයත් සමග අධ්‍යාපන ක්ෂේත්රයේ ශ්‍රී ලංකා ගුරු සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය අතරට ශ්‍රී ලංකා ගුරු උපදේශන සේවය ද එක්වේ.
අධ්‍යාපන අමාත්‍යංශ නොවිධිමත් අධ්‍යාපනය සදහා 1994 වසරේ බදවා ගැනුනු ව්‍යාපෘති නිලධාරින්ගේ වසර 24ක් නොවිසදුනු සේවා ගැටලු අද දින විමර්ෂනය ලක්වුයේය. ඔවුන් MN - 6 වැටුප් තලයේ පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කාරක සභාව උපදෙස් ලබා දුන්නේය. මේ අනුව සේවයේ නියුතු 198 දෙනෙකු මෙම වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම සිදුවේ.
ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතිය කාරක සභාවේ අවධානයට ලක් විය. මෙම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්රවලට සමානව සකස් කෙරේ. පසුගිය කාරක සභාවල සාකච්ඡා වලදි ගුරු සංගම් 16 ක අදහස් හා යෝජනා මේ සඳහා සලකා බලා ඇත. එ අනු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම මගින් සියලු කාරක සභා අහෝසි වන බව බවට වැරදි මතයක් ජනතාව තුළ ඇති බව පැවසූ කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය තුළ දේශපාලන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාගේ සහය ඇතිව ප්රජාතන්ත්රවාදී ලෙස ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය අතිශය වැදගත් බව අවධාරණය කළේය.