පාස්කු කොමිසමෙන් රටේ ආරක්‍ෂාවට වැදගත් තොරතුරු හෙලිවේවි: රොහාන් ගුණරත්න (වීඩියෝ)

දෙසැ 11, 2019

    ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටියා.

    එහිදී ඔහු පැය 9ක කාලයක් සාක්‍ෂි ලබාදුන්නේය.

    කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමෙන් පසු ආචාර්ය රොහාන් ගුණරත්න මහතා මාධ්‍යයට අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ ආචාර්ය රොහාන් ගුණරත්න මහතා....

    මෙම කොමිසම ලංකාවට අතිශය වැදගත් වන අතර විමර්ශනයේ දී ආරක්‍ෂාව සඳහා ඉදිරියට වැදගත් වන තොරතුරු රැසක් ඒකරාශී වනවා. කොමිසන් සභාවේ සාමාජිකයන් අසන ප්‍රශ්න හුදෙක්ම දේශපාලනික කෝනයකින් නොවන අතර, ඒවා ඉතා සූක්‍ෂම ප්‍රශ්න ඇසීම් වනවා. එම නිසා එම තොරතුරු පක්‍ෂ-විපක්‍ෂ සියල්ලන්ම පිළිගත යුතුයි. මේ ගැන අනිවාර්යෙන්ම රජය විසින් පියවරක් ගත යුතුයි. යම් ආකාරයක ආරක්‍ෂක කටයුතු පිළිබඳව මඟ හැරීමක් සිදුකර තිබෙනවා නම්. ජනාධිපතිතුමාගේ දැක්ම වී තිබෙන්නේ අපේ රට තුන්වන පන්තියේ රටක සිට පළමුවන පන්තියේ රටක් බවට පත් කිරීමටයි. එම නිසා ඔහු අවබෝධ කරගෙන තියෙනවා ජාතික ආරක්‍ෂාව යනු රටේ උන්නතියට වැදගත් අංගයක් බව. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මෙම කොමිසම පවත්වා ගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සපයයි කියලා.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:35

    Latest News