කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලයි

දෙසැ 12, 2019

    හලාවත මුහුදු කට්ටුව ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වූහ.

    එහි තිබී කෘතිම රා ලීටර් තිස් දහසකට අධික ප්‍රමාණයක් විනාශ කෙරිණ. කෘතිම රා සමඟ මිශ්‍ර කිරීමට ගෙනවිත් තිබූ එතනෝල් ලීටර 2100ක් ද එහිදී විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ. එම එතනෝල් වෙනුවෙන් රජයට අයවිය යුතු බදු ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 79ක් පමණ වන බව සඳහන්. මීට මාස 4කට පමණ පෙර ද මෙම ස්ථානයේ වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී ද කෘතිම රා විශාල ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනිණ.

    එම අවස්ථාවේදී ද අදාළ සැකකරුවන් නීතිමය කටයුතු සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට බාරදී තිබුණ ද, සහන දඩයක් මත මුදාහැර තිබිණ. බලපත්‍ර අවලංගු කිරීමක් හෝ ඊට සරිලන දඬුවමක් නියම නොකිරීම නිසා ඔවුන් දිගින් දිගටම එම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ. බලපත්‍රලාභියා සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණින.

    Latest News