ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශේෂ දැනුම්දීමක්

දෙසැ 04, 2018

    අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණයෙන් පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය හේතුවෙන් මහජන සේවාවන්ට කිසිඳු බාධාවක් ඇති නොවන අන්දමින් අඛණ්ඩව සේවා ඉටු කිරීමට ජනාධිපතිතුමා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

    අද පෙරවරුවේ සියළු අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ජාවක් ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබිණ.

    පවත්නා නීතියට අනූව මහජන සේවාවන් විදිමත්ව ඉටු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුගෙන් ඉල්ලා සිටියි. සියලු රාජ්‍ය සේවාවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සේවාවන් වෙත අවශ්‍ය නියෝගයන් දැනටමත් ජනාධිපතිතුමා විසින් නිකුත්කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

     

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය

    notice px 900 18 12 04

    Last modified on අඟහරුවාදා, 04 දෙසැම්බර් 2018 12:35

    Latest News