සහල් වර්ග 02 කට මිළ පාලන ගැසට් නිවේදනයක්

දෙසැ 20, 2019

    සහල් වර්ග 02ක් සඳහා උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නික්තු කරයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (19) රාත්‍රි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව වාෂ්පයෙන් තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වා තිබේ.

    කීරි සම්බා සහ සූදුරු සම්බා මෙන්ම මොට්ටයිකරුපන් හා ආට්ටකාරී යන සහල් වර්ග මෙයට ඇතුළත් නොවන බව අදාළ නිවේදනයේ දැක්වේ.

    ඒ අනුව අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ ක්‍රියා කරනු ඇති.

    Latest News