රනිල් අගමැතිව ගෙන ආ පනතින් වත්කම් පිරික්සීමට නියෝගයක්

දෙසැ 05, 2018

    2015 සහ 2016 වසරවලදී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශනය, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙත ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කරයි.


    කොමිසම මේ තීන්දුව ලබාදුන්නේ, ඉකුත් වසරේ පෙබරවාරි තුන්වැනි දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනක ක්‍රියාත්මක වීමත් සමඟ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත් කළ තොරතුරු අයදුමක් ප්‍රකාරවයි.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මෙම වත්කම් ප්‍රකාශන ලබාගැනීම තුළින් එය ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට හැකියාව පවතී.

    පොදු ධනය තම පෞද්ගලික භුක්තිය සඳහා එක්රැස් කිරීමට උත්සහ දරන පුද්ගලයින් එසේ කිරීමෙන් වැළැක්වීමට හා දූෂණය වැළැක්වීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලවත් මෙවලමක් වන බව එම කොමිසම පෙන්වා දෙයි. නීති විරෝධිව ධනය රැස් කිරීමේ චෝදනා පිළිබඳව පරීක්‍ෂා කිරීමට හා දූෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලනඥයින්ගේ වත්කම් ප්‍රකාශන භාවිත කළ හැකි බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 17:44

    Latest News