ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට ඇප

දෙසැ 05, 2018

    ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

     

    ඒ අනුව සැකකාර විජෙගුනවර්ධන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම්. කිරීමෙන් වළකින ලෙස සැකකාරුට අවවාද කෙරුණි.
     
    සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූවහොත් ඇප අවලංගු කොට රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා සැකකාරුට අවවාද කළේය.
     

    කොළඹ සහ අවට ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වූ චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි නමැත්තාට (නේවි සම්පත්) සැගවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පසුගිය බ්‍රහස්පතින්දා (11/29) රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.  

    එම සිද්ධිය සම්බන්ධයෙන් රවීන්ද්‍ර විජයගුණවර්ධනට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවයි රහස් පොලීසිය ඉකුත් දා අධිකරණයට වාර්තා කර තිබුනේ.
    ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉකුත් දා නියෝග කළ කොළඹ කොටුව  මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබූවොත්  රහස් පොලිසියේ සමුහ මංකොල්ල අංශය භාර ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද   අනතුරු අඟවා තිබුණා.
     
    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 16:47

    Latest News