දෙහිවල මුහුදු තීරයෙන් ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුව දෙහිවල කඩමත්ත ප්‍රදේශයේ දී අනතුරට ලක්වීම නිසා ⁣දෙදෙනෙකු මියගොස් තිබේ.

රක්වාන, පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මීගමුව, ඒත්තුකාල මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.

වව්නියාව, ඕමන්ද ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

අකුරැස්ස,තලහගම,ගොනකමුල්ල ප්‍රදේශයේ දී අද උදෑසන 7.30ට පමණ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබේ.

බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ දී කපමින් සිටි ගසක අත්තකට යටවීමෙන් පුද්ගලයක් මියගොස් තිබේ. ඔහු ගස කපමින් සිට ඇත්තේ, චෙන්සෝ යන්ත්‍රයක් මගින්.

ඝාතනයට ලක්වූ අමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුර තුර්කියේ සෞදි කොන්ස්ල ජනරාල් කාර්යාලයේ පෝරණුවක දමා පිළිස්සූ බවට, සාධක හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාවලපිටිය ඉගුරුඔය මාපකන්ද හරහා මහවැලි ගගට ජලය ගලා බසින ප්‍රධන අතු ගංගාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි ජිවිතක්ෂය පත්වේ. මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් රහුමාන් (13) හැවිරිදි අයෙකු සහ මොහොමඩ් මුත්තාර් (42) නැමති දෙදෙනෙකි.

ජිවිතක්ෂයට පත් වු තරුණයන් දෙදෙනා ඥාති පිරිසක් සමග ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි තිදෙනෙක් ජලයේ ගිලී ඇත. ඉන් එක් තරුණයෙක් බේරා ගැනිමට ඔහුන්ගේ ඥාතින් සමත් වි තිබේ. මිය ගිය අයගේ සිරුරු එම ඇළේ තිබි නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබිණ.

පානදුර - රත්නපුර, ගොකරඇල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදීමෙන් 34,35 වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ සවස සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට දෙදෙනෙක් මිය ගොස් තිබේ.

Latest News