සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනවාද, නැද්ද, යන්න පිළිබඳ තීන්දුව මැයි මස 2 වැනිදා ලබාදෙන බව, ඩුබායි අධිකරණය අද ප්‍රකාශ කර ඇත.

පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සමග ඩුබාහි දී අත්අඩංගුවට ගත් ඔහුගේ ගෝලයෙකුගේ ගන්ධර නිවසින් හමුදා නිල ඇඳුම් 18ක්, ටී-56 ජීව උණ්ඩ 23ක් සොයා ගෙන තිබේ.

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් වෙනුවෙන් එරට අධිකරණ කටයුතු සඳහා පෙනී සිටීමට නීතිඥවරුන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.

Latest News