මධූෂ්ට නීතිඥවරු යොදා ගැනීමේ උත්සාහයක්

පෙබ 07, 2019

    ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් වෙනුවෙන් එරට අධිකරණ කටයුතු සඳහා පෙනී සිටීමට නීතිඥවරුන් පිරිසක් සූදානම් වන බව වාර්තාවේ.

    ඒ සඳහා තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කලු තුෂාර නමැත්තාගේ බිරිඳ අවශ්‍ය ඕනෑම මුදලක් වැය කිරීමේ සූදානමක සිටින බව ද, පැවසේ. ඇය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සුඛෝපභෝගි නිවාස හතරක හිමිකාරියක බව ද පැවසේ.

    මේ වනවිට මාකඳුරේ මධූෂ් ගේ දෙවැනි බිරිය ලෙස එම කාන්තාව සිටින අතර, මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූයේ ඇයගේ දියණියගේ උපන්දින සාදය අතරතුරදීය. මධූෂ් නමැත්තාගෙන් ලබාගත් රුධිර සාම්පල වාර්තා වෙනස් කිරීමේ උත්සාහයක ද ඇය යෙදී සිටින බවට තොරතුරු ලැබී තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රුධිර සාම්පල ලබාගැණුනේ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 19:23

    Latest News