2018 වසරේ යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

2018 වසරේ කොටි සංවිධානය යළි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ජුනි මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Latest News