2018 වසරේ කොටි සංවිධානය යළි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ජුනි මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව විමර්ශන සිදුකරන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.
අනතුරුව පැමිණිල්ල ජූනි මස 10 වැනිදා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දැක් වු හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළි නගා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.