ජයසූරියගේ පත්වීම ස්ථිරයි

ජූලි 08, 2024

    හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණු ලෙස පත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

    එළඹෙන ඉන්දියානු තරගාවලිය සහ එංගලන්ත තරග සංචාරය සඳහා සනත් ජයසූරිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දැරීමට නියමිත බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

    මේ වන විටත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, සනත් ජයසූරිය මහතාගේ පත් වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක බවයි.

    Latest News