ඉතිහාසය අලුත් කරමින් සමිතගෙන් ලෝක වාර්තාවක්

සැප් 03, 2024
    පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ සමත් වුණා.

    මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින් දුලාන්ට F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) ද බිඳ දැමීමටද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව ලෝකඩ පදක්කම හිමිකරනු ලැබුවා.
    සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

    Latest News