නවසීලන්තයට එරෙහිව ජය පෙනි පෙනී කොදව්වන් පරදියි

ජූනි 23, 2019

    නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ඊයේ (22) පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 05ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

    2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 29 වන තරගය ලෙස පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්තය පන්දු වාර 50ට කඩුලු 8ක් දැවී ලකුණු 291 ක් ලබාගත්තා. කේන් විලියම්සන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 148යි. රොස් ටේලර් ලකුණු 69යි. බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දු යැවීමේ අංශයෙන් ෂෙල්ඩන් කොට්ට්‍රේල් ලකුණු 56ට කඩලු 4ක් හා කාලෝස් බ්‍රැත්වේයිට් කඩුලු 2ක් බිඳ හෙලුවා.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 286 කට සියලු දෙනා දැවී ගියා. නවසීලන්තය පන්දු යවන්නන් හමුවේ වේගවත් පිතිකරණයක නිරත වූ ක්‍රිස් ගේල් ලකුණු 87යි. පන්දු යැවීමෙන් සාර්ථක වූ කාලෝස් බ්‍රැත්වේයිට් ඔහුගේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වුනා. පන්දු යැවීමෙන් ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 30කට කඩුලු 4ක් බිඳහෙලු අතර ලොකි ෆර්ගියුසන් ලකුණු 59කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

    කඩුලු 9ක් දැවී තිබියදී පන්දු 7කට ලකුණු 6ක් පමණක් ලබාගැනීමට තිබූ අවස්ථාවේ බ්‍රැත්වේයිට් විසින් එල්ලකළ හයේ පහර, සීමාව ආසන්නයේදීම උඩපන්දුවක් ලෙස රැක ගැනීමට බෝල්ට් සමත් වුනා. ජයග්‍රහණය පෙනි පෙනී සිටින අවස්ථාවක අවාසනාවන්ත ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් තරගය පරාජයට පත්වුනා. තරගයේ වීරයා කේන් විලියම්සන්

    Latest News