ඇෆ්ගනිස්ථානය හමුවේ අසරණ වූ ඉන්දියාවට තියුණු ජයක්

ජූනි 23, 2019

    ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (22) පැවති තරගයෙන් ඉන්දියාව ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

    2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 28 වන තරගය ලෙස පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ විශ්ෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දියාව ලබාගත්තේ පන්දු වාර 50ට කඩුලු 8ක් දැවී ලකුණු 224 ක් පමණයි. විරත් කෝලි ලකුණු 67යි. කේ. ජාධව් ලකුණු 52යි. ඇෆ්ගනිස්ථානය පන්දු යැවීමේ අංශයෙන් ගුලබඩින් නබි සහ මොහොමඩ් නබි කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 213 කට සියලු දෙනා දැවී ගියා. ප්‍රභල ඉන්දියානු පන්දු යවන්නන් හමුවේ අසීරු පිතිකරණයක නිරත වූ මොාහොමඩ් නබි ලකුණු 52යි. පන්දු යැවීමෙන් මොහොමඩ් සාම් ලකුණු 40කට කඩුලු 4ක් බිඳහෙලුවේ කඩුලු ත්‍රිත්වයක්ද ලබා ගනිමින්. බුම්රා, චාල් සහ පාන්ඩ්යා අතරේ කඩුලු 2 බැගින් බෙදීගියා. ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය පෙනි පෙනී සිටින අවස්ථාවක අනර්ඝ පන්දු යැවීමක නිරත වීම හේතුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ් තරගේ වීරයා ලෙස නම් කෙරුණා.

    Latest News