කාෂෝගිගේ අතුරුදන්වීම ගැන දන්නෑ - සෞදි කුමරු

ඔක් 17, 2018

    සෞදි මාධ්‍යවේදී ජමල් කෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් පවසයි.

    ඔහු කියා සිටින්නේ ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මීට දෙසතියකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවර දී අතුරුදන් වූ මාධ්‍යවේදී ජමල් කෂෝගී, සෞදි අරාබි ආණ්ඩුව සහ රජ පවුල දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

    පසුගිය ඔක්තෝබර් 2 වැනිදා, ඔහු ඉස්තාන්බුල්හි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළුවන ආකාරය, ආරක්ෂක කැමරාවල සටහන්වී තිබුණු අතර, ඔහුට සිදුවූ දේ පිළිබදව තමන් සතුව සාක්ෂි ඇති බව තුර්කිය සඳහන් කරයි.

    මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, සෞදි අරාබියේ රජු ඇතුළු මෙය සිදු නොකළ බවට තහවුරු වන තෙක්, ඔවුනට එම චෝදනා එල්ල වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

    Latest News