හැරීට හා මේගන්ට රජ පවුලේ විශේෂ රැස්වීමක්

ජන 13, 2020

    බ්‍රිතාන්‍ය මහ රැජිණ රජ පවුලේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. ඒ හැරී කුමරු සහ මේගන් මාර්කල් සිය රාජකාරී වගකීම්වලින් නිදහස්වීමට තීරණය කිරීමත් සමගයි.

    හැරී, මේගන් යුවල මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් ගත් එම තීරණයත් සමග රාජකීය පවුල තුළ පැන නැගී ඇති අර්බුදය, සාකච්ජා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ. ඒ සඳහා චාර්ල්ස් කුමරු, කේම්බ්‍රිජ්හි ආධිපාධිවරයා හෙවත් විලියම් කුමරු හා හැරී කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් සහභාගී වන අතර, කැනඩාව බලා පිටත්ව ගොස් සිටින මේගන් මාර්කල් දුරකථන මාර්ගයෙන් ඊට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. විශේෂ රැස්වීම නොර්ෆෝක්හිදී පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳ ලොව පුරා අවධානය මේ වන විටත් යොමුවී අවසන්.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 13:27

    Latest News