හැරී - මේගන්ගේ ප්‍රකාශය ගැන බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

මාර් 10, 2021

    සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු හා ඔහුගේ බිරිඳ වන මේගන් මාර්කල් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබේ.

    පවුලේ අර්බුද පෞද්ගලිකව විසඳා ගැනීමට ක්‍රියාකරන බව එම කෙටි නිවේදනයේ සඳහන්.

    හැරී සහ මේගන් යුවලට ඉකුත් වසර කිහිපය දැඩි අභියෝගාත්මක කාලයක් වූ අතර ඒ සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවයි, දෙවැනි එළිසබෙත් රැජින කියා සිටින්නේ. හැරී සහ මේගන් රාජකීය පවුලට එරෙහිව එල්ල කළ ජාතිවාදය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන බව ද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    ඔප්රා වින්ෆ්‍රේ සමග සිදු කළ සම්මුඛ සාකච්ජාවක දී මේගන් කියා සිටියේ රජ පවුල සමග දිවි ගෙවන කාලසීමාවේ සියදිවි නසාගැනීමට ද සිතුණු බවයි.

    තම නූපන් පුතුගේ සම කෙතරම් ඇඳුරුවේද යන්න පිළිබඳ රාජකීය පවුලේ සාමාජිකයෙක් විමසීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බව ද මේගන් එහිදී කියා සිටියේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ අදහස් දක්වමින් දෙවැනි එළිසබෙත් රැජින නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, හැරී මේගන් හා ආර්ච් සැමවිටම තම පවුලේ අතිශය ආදරණීය සාමාජිකයන් ලෙස සලකන බවයි.

    Latest News