1700ක් වෙළාගනිමින් චීනයේ අබිරහස් වෛරසයක්

ජන 18, 2020

    චීනයේ පැතිර යන අබිරහස් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1,700 දෙනෙකු රටතුල ඇතැයි, චීනය පවසයි. කෙසේ වුවද, ආසාධිතයන් පිරිස මීට වඩා වැඩිවනු ඇතැයිද නිලධාරීන් සැක පළ කරයි.

    පරීක්ෂකාගාර 41ක් මගින් කළ පුද්ගල පරීක්ෂාවන් මගින් මෙම වෛරසය ආසාධිත පුද්ගලයන් සොයා ගැනිණ. දෙදෙනෙකු මියගොස් තිබේ. මෙම වෛරසය පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වී තිබේ.

    රෝගය පැතිරයාමට ඇති අවස්ථා නවතාලීම උදෙසා, චීනයේ සිට ගමන් අරඹන ගුවන් මගීන් පරීක්ෂාව සිංගප්පූරුව, අමෙරිකාව හා චීනයේ හොංකොං යන ප්‍රධාන ගුවන් තොටුපොළවල දී සිදු කෙරේ. වෛරසය බොහෝ සෙයින්, පසුගිය වසරවල චීනයට බලපෑ සාස් වෛරසයේ රෝග ලක්ෂණවලට සමාන බව සෞඛ්‍යය නිලධාරීන් පෙස්වා දෙයි.

     

     

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 15:50

    Latest News