ඔහු සහ ඔහුගේ දියණිය ඇතුළු තවත් 9 දෙනෙක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් එහි සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය. බලධාරීන් පවසන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික මීදුම් තත්වය හෝ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. පස් වරක් ජාතික පැසිපන්දු ශූරතාවලිය ජයග්‍රහණය කළ ඔහු එය පස් වතාවක් ලබාගැනීමට සමත් වූ එකම කණ්ඩායම වන ලොස්ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කළේය. එසේම, ඔලිම්පික් පදක්කම් දෙකක හිමිකරුවෙකු වන ඔහු 2016 අප්‍රේල් මාසයේ ක්‍රීඩාවෙන් සමු ගත්තේය.
මේ අතර ජාතික පැසිපන්දු ශූරතාවලියේ ලාංජනය සඳහා කෝබි බ්‍රයන්ගේ රුව ඇතුළත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතියි. ඊට මිලියනයකට වැඩි පිරිසක් සහයෝගය දක්වා ඇති බවයි, වාර්තා වන්නේ. කෝබි බ්‍රයන් පැසිපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙක් ලෙස සැලකේ.