චීන රොකට්ටුවේ කොටස් ඉන්දීය මුහුදට කඩා වැටෙයි

මැයි 09, 2021

    චීනය අභ්‍යවකාශ්‍ය ගත කළ ලෝන් මාර්ච් ෆයි බී රොකට් යානාවේ කොටසක්, අද උදෑසන ඉන්දියන් සාගරයට කඩා වැටී තිබේ.

    චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ, එය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් මාලදිවයිනට බටහිරින් වූ සාගරයට කඩා වැටී ඇති බවයි.

    සිය නව අභ්‍යවකාශ්‍ය මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදාගත් ලෝන් මාර්ච් ෆයි බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි, මෙලෙස කඩා වැටී ඇත්තේ. පසුගිය අප්‍රේල් 29 වැනි දින චීනයේ වෙන්චෑන් සිට අභ්‍යවකාශ ගත කෙරුණු මෙම රොකට් යානය ටොන් 21 බරකින් යුක්ත බව සඳහන්. එහි දින මීටර 53.7 වන අතර විශ්කම්භය මීටර 5ක්.

    අද උදෑසන ඉන්දියන් සාගරයට කඩා වැටුණු කොටසේ බර ටොන් 18ක්. මෑත කාලයේ දී අභ්‍යවකාශයේ සිට පෘතුවියට කඩා වැටුණු විශාලතම අභ්‍යවකාශ කොටස මෙය බවයි, වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 09 මැයි 2021 11:15

    Latest News