මෙම ප්රහාරය දේවමෙහෙයක් අතරතුර සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ. මියගිය පිරිස අතර එක් පූජකවරයෙකු ද සිටියි. සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලැබීය. ප්රහාරය අතරතුර තවත් පිරිසක් පැහැරගෙන යාමට ද ලක්ව ඇති බව වාර්තා වෙයි. අල්කයිඩා හා ඉස්ලාමීය රාජ්ය සමග සම්බන්ධතා ඇති ජිහාඩ් කණ්ඩායම් ප්රහාරය සිදුකරන්නට ඇතැයි, සැකපළ කරයි. ප්රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු තවමත් වගකීම බාරගෙන නොමැත.