ඉන්දීය රජය, කාශ්මීර ප්‍රදේශයට විශේෂ තත්වයක් ප්‍රකාශ කිරීම, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියගේ දැඩි විවේචනයට ලක්විය. කාශ්මීරය පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතීත්වය දරන ඩෙබී ඒබ්‍රහම් හට ඊ වීසා ලබාදීම නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ගුවන්තොටුපොළේ දී ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික සංචාරයක් සඳහායි, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රීවරිය ඉන්දියාවට පැමිණ ඇත්තේ. තීරණය පිළිබඳ ඉන්දීය ආගමන නිලධාරීන් කරුණු පැහැදිලි කර නොමැත.