පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනිදා පැවති ජනාධිපතිවරණයේ අවසන් නිල තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ දිනයේදී. ජනාධිපතිවරණයේ තීරණය ලබදීම මාස 4කට වැඩි කාලයක් පමා කෙරුණේ, ඒ හා බැදුණු දූෂණ චෝදනා පදනම් කර ගනිමින්. එමෙන්ම, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ද අවම මට්ටමක පැවතීම තවත් ගැටලුවක්. ලක්ස 96ක් වූ ලියාපදිංචි ඡන්දදායකයන් අතරින් අවසානයේදී වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස සළකා ගණන් ගනු ලැබුවේ ඡන්ද දහඅට ලක්ෂයකට මදක් වැඩි සංඛ්‍යාවක් පමණයි. අවසන් නිල ප්‍රතිඵලය අනූව ජනාධිපති අශ්රොෆ් ගානි 54.6%ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලැබීය.
ප්‍රතිවාදී අපේක්ෂක අබ්දුල්ලා අබ්දුල්ලා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 39.5%ක් පමණයි. කෙසේ වෙතත්, අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය ද ප්‍රතික්ෂේප කරන බව ප්‍රතිවාදී අපේක්ෂකයා සඳහන් කරයි.