වසර 06 ක් කිසිදු තොරතුරක් නැති MH - 370 ගුවන් යානය

මාර් 07, 2020

    මැලේසියානු ගුවන් සේවයට අයත් එම් එච් -  370 ගුවන් යානය අතුරුදන්වී වසර 6ක් සම්පූර්ණ වේ.

    යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හැකිවුණේ නොමැත.

    පුද්ගලයන් 239දෙනෙක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිට චීනයේ බීජිං නගරය බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම් එච් - 370 යානය අතුරුදන් වුණේ 2014 වර්ෂයේ මාර්තු 8 වැනි දිනයි.

    යානය සොයා මැලේසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව එක්ව වසර දෙකක් පුරාවට සෝදිසි මෙහෙයුම් සිදුකළේය.

    අමෙරිකානු ඩොලර් මිලියන 130ක පමණ වියදමක් දරා මුහුදු පත්ලේද සෝදිසි මෙහෙයුම් සිදු කළත් යානය සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හැකිවුණි.

    මේ අතර සෝදිසි මෙහෙයුම්වලදී සැක සහිත ගුවන් යානා සුන්බුන් කොටස් 30ක් පමණ සොයාගනු ලැබුවේය.

    එහෙත් අදාළ යානයේ බවට සැක කළ හැක්කේ ඉන්දියන් සාගරයේ වෙරළ තීරයකට ගසාගෙන විත් තිබියදී හමුවූ කොටස් තුනක් පමණයි.

    ලොව වඩාත් බිහිසුණුම ගුවන් අනතුරු වලින් එකක් ලෙස මෙය සැළකේ.

    Latest News