ඉරානයේ ප්‍රධාන නගර අතර ප්‍රවාහනය සීමා වේ

මාර් 07, 2020

    මහජනතාවට ඉරානයේ ප්‍රධාන නගර අතර සංචාර සීමා කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති අතර එරට පාසල් ද අප්‍රේල් මාසය දක්වා වසා තබා ඇති බව වාර්තා වෙයි.

    එරට තුළ කඩදාසී මුදල් නෝට්ටු භාවිතය ද අවම කිරීමට තීරණය කර තිබේ.

    ඉරානය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 107 දෙනෙකු පමණ මියගොස් ඇති බවට වාර්තා වෙයි.

    Latest News