ගැලවීමක් නැති කොරෝනා

මාර් 07, 2020

    නව කොරෝනා වෛරසය මේ වන විට අමෙරිකාව තුල සිඝ්‍රයෙන් පැතිරි යාමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

    මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 19ක කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 228 දෙනෙක් වාර්තාවී ඇති අතර, ඉන් පුද්ගලයින් 49 දෙනෙක් අමෙරිකාවෙන් පිටතදී වෛරසයට ගොදුරුව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාව තුල ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වනවා.

    අමෙරිකානු ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනය සඳහන් කලේ නව කොරෝනා වෛරසය සඳහා නිපදවන ප්‍රතිශක්තිකරණ එන්නත මගින් ඉදිරි සීත සෘතුවේදී යලි වෛරසයේ ඇතිවිය හැකි බලපෑමේ අවධානම අවම කළ හැකි නොවනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

     

    Latest News