ලොව කුසගින්නෙන් පෙළෙන්නන් දෙගුණ විය හැකියි

අප්‍රේ 22, 2020

    ඉදිරියේ දී ලොව කුසගින්නෙන් පෙළෙන පිරිස දෙගුණ විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

    කොරෝනා වෛරසයේ බලපෑම මෙන්ම, යුද ගැටුම්,ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන්, ආහාර හිඟයක් ඇතිවිය හැකි බව ඔවුන්ගේ නිගමනයයි.

    කොරෝනා වෛරසය පැතිර යාමත් සමග නිෂ්පාදන අඩාල වීම, ආහාර හිඟයකට ප්‍රබල ලෙස බලපානු ඇතැයි, ලෝක ආහාර වැඩසටහනේ නිරීක්ෂණයට ලක්ව තිබේ. දිනකට ලොව කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 135ක් ලෙස සැලකෙයි. මෙම සංඛ්‍යාව මිලියන 250 දක්වා වැඩිවිය හැකි බවටයි, ගනන් බලා ඇත්තේ. වෛරසයේ බලපෑම මෙන්ම, ආර්ථික අර්බුද, යුද ගැටුම් පාරිසරික විපර්යාස වැනි ගැටලු සහගත තත්වයක් හමුවේ රටවල් 10ක් මේ තර්ජනයට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහසයි.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 11:11

    Latest News