ප්‍රංශයේ මරණ 20,000 ඉක්මවයි

අප්‍රේ 21, 2020

    ප්‍රංශය කොරෝනා මරණ විසි දහස ඉක්මවූ රටවලින් සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

    එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 20,265ක්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, ප්‍රංශයේ රෝහල් තුළින්. එම සංඛ්‍යාව 12,513ක් වන අතර, සෙසු 7,752ක මරණ සංඛ්‍යාව සාත්තු නිවාස වලින් වාර්තා වී තිබේ.

    මරණ සංඛ්‍යාව විසි දහස ඉක්මවූ අනෙකුත් රටවල් වන්නේ, අමෙරිකාව, ස්පාඤ්ඤය සහ ඉතාලියයි. ප්‍රංශයෙන් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 55,383ක්. ඉන් තිස් හත්දහස් හාරසිය නව දෙනෙකු සුවය ලබා තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 12:37

    Latest News