කොරෝනා වෛරසයේ අනු ප්‍ර​භේද 33ක් - චීනය පවසයි

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසයේ අනු ප්‍රභේද තිස්තුනක් පවතින බව චීනයේ ෂිජියැහැග් (Zhejiang) විශ්වවිද්‍යාලයේ කරන ලද පර්‌යේෂණයකින් තහවුරු වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු මෙම පර්‌යේෂණය සඳහා යොදා ගෙන ඇති අතර මෙහිදී තහවුරු වී ඇත්තේ එකම රෝගියාගේ වුවද වෛරසය විවිධ ප්‍රභේදයන් යටතේ පැතිර යන බවය.

    ඇමරිකාවේ නිව්යෝක් නගරයට , ඉතාලියේ, ස්පාඤ්ඤ හා ලන්ඩන් නගරවලට පැමිණි ඇත්තේ කොරෝනා වෛරසයේ දරුණුතම ප්‍රභේදයක් වන බවත් එය දරුණුකමින් අඩු වෛරසයන් මෙන් 270 ගුණයකින් ප්‍රබල බව මෙම පර්යේෂණය මගින් තහවුරු වී ඇත.

    කෙසේ නමුත් මෙම වෛරසයේ වෙනස්වීම හේතුවෙන් එකම එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීම තවත් බොහෝ කාලයක් ගත වනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින බවද මහාචාර්ය ජයසුමන අවධාරණය කළේය.

    Latest News