ලෝකයේම අවධානය දිනාගත් කිම් ජොන් උන්

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසයෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ රටක් ලෙස උතුරු කොරියාව තවදුරටත් සිය වාර්තාව රැකගෙන සිටියි.

    කෙසේ වෙතත් මේ වනවිට උතුරු කොරියාවට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ එරට නායක කිම් ජොන් උන් සැත්කමකින් පසුව මරණාසන්නව සිටින බවට වාර්තා පළවීම හේතුවෙන්.

    උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව උපදෙස් දීම සඳහා චීනය කණ්ඩායමක් උතුරු කොරියාවට පිටත් කර ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Latest News