චීනයෙන් රටවල් 16ක් වෙත වෛද්‍යාධාර කණ්ඩායම්

මැයි 04, 2020

    ගෝලීය වශයෙන් කොරොනා වසංගතය වැළැක්වීම සඳහා, චීනය, රටවල් 16ක් වෙත වෛද්‍යාධාර කණ්ඩායම් යොමු කර ඇතැයි, චීන ජාතික සෞඛ්‍ය අධිකාරිය පවසයි.

    එම අධිකාරියේ ප්‍රකාශක Mi Feng මහතා පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය අලුතින් දැනුවත් කළ පරිදි, නව කොරොනා නියුමෝනියාව රටවල් හා කලාප 213 ක පැතිර ඇති බවයි.

    ගෙවී ගිය මාසය තුළ, දෛනික නව ආසාදිතයින් සංඛ්‍යාව 60,000 ඉක්මවූ සංඛ්‍යාවක් බැගින් අඛණ්ඩව වර්ධනය වී ඇත.

    ගෝලීය වශයෙන් කොරොනා වසංගතය වැළැක්වීම සඳහා චීනය රටවල් 16ක් වෙත වෛද්‍යාධාර කණ්ඩායම් 15ක් යොමු කර තිබෙන බව, Mi Feng මහතා සඳහන් කරයි.

    වෛද්‍ය විශේෂඥයෝ 149 දෙනෙක් එම කණ්ඩායම් වලට ඇතුලත් වෙති.

    චීනය ජගත් ප්‍රජාව සමග එක්ව, අඛණ්ඩව සහයෝගිතා පවත්වමින්, කොරෝනා වසංගතයට එරෙහිව පොදුවේ සටන් කරනු ඇති බව ද, ඔහු ප්‍රකාශ කරයි.

    මීට අමතරව, ඉකුත් 1වැනි දා සිට ලබන 5වැනි දා දක්වා යෙදෙන, චීනයේ කම්කරු දින නිවාඩු කාලය තුළ පොකුරු වශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙස, චීන ජාතික සෞඛ්‍ය අධිකාරියේ ප්‍රකාශකයා ජනතාවට යළි දැනුම් දී තිබේ.

    Latest News