ලොව පුරා ආසාදිතයින් 79 ලක්ෂය ඉක්මවයි

ජූනි 15, 2020

    ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හැත්තෑනව ලක්ෂය දක්වා ඉහළ ගිහින්.

    වෛරසය වාර්තා වන රටවල රෝගීන්ගෙන් මේ වන විට හතළිස් එක් ලක්ෂ අට දහසකට අධික පිරිසක් පූර්ණ සුවය ලබා සිටියි.

    කොරෝනා වෛරසය මේ වන විට රටවල් හා ස්ථාන 215ක් දක්වා ව්‍යාප්තවී ගිහින්. මේ දක්වා ආසාදිතයන් හැත්තෑනව ලක්ෂ අනූ දහස් හත් දෙනෙක් වාර්තා වී තිබේ. වැඩිම බලපෑමට ලක්වූ අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ, විසි එක් ලක්ෂ 62,144ක් ලෙසයි. මේ දක්වා එරට කොරෝනා මරණ එක් ලක්ෂ 17,853ක් සිදුව තිබේ. රෝගීන් වාර්තාවීම අනූව දෙවැනි ස්ථානයේ පසුවන්නේ, බ්‍රසීලයයි. එරටින් මේ දක්වා රෝගීන් අට ලක්ෂ 67,882 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 43,389ක්.

    Last modified on සදුදා, 15 ජූනි 2020 10:41

    Latest News