කොංගෝ මැතිවරණයටත් බාධා

දෙසැ 31, 2018

    කෙංගෝ ජනරජයේ ජනාධිපතිවරණයට බාධා එල්ල වෙයි. විවිධ ගැටලු හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන බොහොමයක නිසි වේලාවට මැතිවරණය ආරම්භ කිරීමට නොහැකිවීමට ඊට හේතුවයි.

    ඇතැම් මධ්‍යස්ථානවල ඉලෙක්ට්‍රොනික ඡන්ද සලකුණු කිරීමේ යන්ත්‍ර නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීය. ඒ හේතුවෙන්, ඡන්ද මධ්‍යස්ථාන අසළ ඉතා විශාල පෝලිම් දක්නට ලැබිණ. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද සලකුණු කිරීම අවසන්වන විට මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් ඡන්දය සලකුණු කර තිබුණේ 20%ක පමණ ප්‍රමාණයකි.

    ඇතැම් මධ්‍යස්ථානවල අවශ්‍ය තරම් ඡන්දය සලකුණු කිරීමේ යන්ත්‍ර නොතිබීම හේතුවෙන් ද මැතිවරණයට බාධා එල්ල විය. කොංගෝ රාජ්‍යයේ විපක්ෂ නායකයා පවසා සිටියේ, මෙය ඉතා බරපතල ගැටලුවක් බවයි. කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයින්, මැතිවරණය සාමකාමී බව කියා සිටී.

    Latest News