බංග්ලාදේශ විපක්ෂය නව මැතිවරණයක් ඉල්ලයි

දෙසැ 31, 2018

    නව මැතිවරණයක් පැවැත්විය යුතු බවට බංග්ලාදේශ විපක්ෂය කියා සිටී.

    පැවති මැතිවරණය ඉතා දූෂිත බව විපක්ෂ නායක කමල් හුසේන් පවසයි. ලැබී ඇති ප්‍රතිඵලවලට අනූව වත්මන් අගමැතිනි ශික් හසීනා ඉ හළ ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත්, එරට විපක්ෂය ඉල්ලා සිටින්නේ මෙම මැතිවරණය අවලංගු කළ යුතු බවයි. මැතිවරණය ඉතා දුෂිත බව ඔවුහු කියා සිටිති. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණය ආරම්භ වීමට පෙර ඡන්ද පෙට්ටි පුරවා තිබූ බවට, විපක්ෂය චෝදනා කරති. ස්වාධීන රජයක් යටතේ නව මැතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවට විපක්ෂය කියා සිටී.

    බංග්ලාදේශ මැතිවරණ කොමසාරිස් සඳහන් කරන්නේ මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ වාර්තා රැසක් ලැබුණු බවත්, ඒවා පිළිබඳ පරීක්ෂණ පවතවන බවත්ය. එසේම, ඊයේ ඇතිවූ ගැටුම්වලින් 17 දෙනෙක් මියගොස් ඇත. මැතිවරණ ක්‍රියාකාරීන් නිරීක්ෂණයන් සහ විපක්ෂය අවධාරණය කරන්නේ, මෙම මැතිවරණ සාධාරණ නොවන බවයි. නමුත්, පාලක අවාමි ලීගය පවසන්නේ එම චෝදනා අසත්‍ය බවයි.

    Latest News