මේ වනවිට දිනකට ලක්ෂයකට වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 67,000කට අධිකයි. ලොව වැඩිම රෝගීන් වාර්තාවන අමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසිතුන් ලක්ෂ 31,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 22,000ක්.
ලොව දෙවනුව රෝගීන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දස ලක්ෂ 70,000 ඉක්මවයි. මරණ සංඛ්‍යාව 50,000කට අධිකය.
සාදිතයින් වැඩිම රටවල් අතුරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි. එය පන් ලක්ෂ 84,000කට අධිකයි. රුසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවයි. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වැඩියෙන් රටවල් 18කින් වාර්තාවේ.
කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවූ රටවල් 6ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දහසට වැඩි රටවල් සංඛ්‍යාව 36ක්. මේ වනවිට සියලු කොරෝනා රෝගීන් සුවය ලබා සිටින රටවල් සංඛ්‍යාව 28ක්. එම රටවල් අතුරින් මේ වනවිට ප්‍රතිකාර ලබන කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වන්නේ නැහැ. ඉන් රටවල් 20කින් කොරෝනා මරණ ද වාර්තා වී නැහැ. නෞකා දෙකක් ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ලොව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.