ගතවූ පැය 24 තුළදී පමණක්‌ ලොවපුරා නව කොවිඩ් රෝගීන්‌ 257,647

අගෝ 07, 2020

    ගෝලීය වශයෙන්‌ වාර්තා වන කොරෝනා ආසාදිතයින්‌ සංඛ්‍යාව අද එක්කෝටි අනූලක්‍ෂ 23,000 ඉක්මවා ගියා.

    ගතවූ පැය 24 තුළදී පමණක්‌ නව රෝගීන්‌ දෙලක්‍ෂ 57,647 ක පිරිසක්‌ ගෝලීය වශයෙන්‌ වාර්තා වී තිබෙනවා.

    අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව යන රටවල්හී වෛරසය තවමත් පාලනය කළ නොහැකි ආකාරයේ වසංගත තත්වයක්‌ බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට වෛරසය හේතුවෙන්‌ පුද්ගලයන්‌ 7,16,000 කට වැඩි පිරිසක්‌ ගෝලීය වශයෙන්‌ මරණයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී පමණක්‌ එම අගයට නව මරණ 6,832 ක්‌ එකතු වී තිබුණා. පුද්ගලයන්‌ 60,98,000 කට වැඩි පිරිසක්‌ තවමත්‌ ගෝලීය වශයෙන්‌ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, තවත්‌ 65,511 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවනවා. මේ වන විට වෛරසයෙන්‌ සම්පූර්ණයෙන්‌ සුවය ලැබූ පිරිස එක්කෝටි 23 ලක්ෂ 37,543 ක්.

    Latest News