බ්‍රසීලයේ නව ජනපති ජායිර්

ජන 02, 2019

    ජායිර් බොල්සොනාරෝ බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි.

    දකුණු අමෙරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලය නව දිශානතියක් කරා රැගෙන යාම තම අරමුණ බව, නව ජනාධිපතිවරයා කියා සිටී.63 හැවිරිදි බොල්සොනාරෝ එරට 38 වැනි ජනාධිපතිවරයායි. බ්‍රසීලියා අගනුවර ජාතික කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ දී දිවුරුම්දීමේ උත්සවය ඊයේ පැවැත්විණ. රටේ අපරාධ මැඩපවත්වන බවටත්, ආත්මාරක්ෂාව සඳහා සන්නද්ධවීමට පුරවැසියන්ට අවසර ලබාදෙන බව ජනාධිපති බොල්සොනාරෝ ප්‍රකාශ කළේය.

    වාමාංශික නැඹුරුවකින් යුත් විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන බව, නව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඇමර්සන් වනාන්තරයේ පාරිසරික සංවේදී කලාපයේ පතල් කැනීම්, ගොවිතැන සහ ජලවේලි ඉදිකිරීම් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ලොවපුරා පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට හේතුවී තිබේ.

    Latest News