පිපිරීගිය ගොඩනැගිල්ලේ සිරවූ දරුවා බේරාගැනේ

ජන 02, 2019

    රුසියාවේ - මැග්නිටෝගෝර්ස්ක් නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ ගෑස් කාන්දුවීමක් නිසා ඇතිවූ පිපිරීමකින් 9 දෙනෙක් මිය යති.

    සිරවී සිටි ළදරුවෙකු බේරා ගැනීමට ජීවිත ආරක්ෂකයෝ සමත් වූහ. මාස 11ක් වයසැති මෙම පිරිමි දරුවා ගොඩනැගිල්ලේ සුන්බුන් අතර අධික ශීතල මධ්‍යයේ පැය 35ක කාලයක් සිරවී සිටි බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දරුවාගේ තත්වය බරපතල නමුත්, යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර තිබේ. ගෑස් කාන්දුවීමක් නිසා ඇති වූ පිපිරීමෙන් මහල් 10කින් යුතු ගොඩනැගිල්ලේ නිවාස 48කට හානි සිදුවිය.

    මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් පුද්ගලයන් පිරිසක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උරලස් කඳුකරය ආශ්‍රිත රුසියාවේ විශාලතම වානේ කම්හල පිහිටි මැග්නිටෝගෝර්ස්ක් නගරය ආශ්‍රිතව සෙල්සියස් අංශක සෘන 17කට අධික ශීතල තත්වයෙන් යුතු කාලගුණ තත්වයක් ද පවතී.

    Latest News