පැය 24ක් තුළ චීනයේ අලුත් කොවිඩ්19 රෝගීන් 100ක්

ජූලි 29, 2020

    චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටියේ ගතවූ පැය 24 තුලදී වෙරටින් නව කොරෝනා රෝගීන් 101 දෙනෙකු වාර්තා වූ බවයි.

    ඒ අනුව චීනය තුළ යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට එරටින් කොරෝනා ආසාදිත රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක් එක් දිනක් තුලදී වාර්තා වීමත් සමගයි.

    මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 98 දෙනෙකු සමාජ සම්ප්‍රේෂණ රෝගීන් වන අතර ඉන් 89 දෙනෙකු Xinjiang දිස්ත්‍රික්කයෙන් ද, බීජිං අගනුවරින් එක් රෝගියෙක්ද වාර්තා වී ඇත. තවත් රෝගීන් 08 දෙනෙකු වාර්තා වුයේ Liaoning පලාතෙන් වීම විශේෂත්වයක්.

    මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 27 දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අයවළුන් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම තවදුරටත් සඳහන් කළේ.

    ඉකුත් අප්‍රේල් මස 12 වෙනිදා අවසන් වරට කොරෝනා රෝගීන් 108 දෙනෙකු වාර්තා වීමෙන් පසු දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ජූලි 28 වෙනිදා වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ.

    මේ අතර ගතවූ දින 03 සැසදීමේදී ගතවූ මාර්තු මාසයට සාපේක්ෂව චීනයෙන් දෛනික සමාජ සම්ප්‍රේෂණය වූ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි චීන මහජන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News