රජ පුටුව අතහැරි මැලේසියාවේ රජු

ජන 07, 2019

    මැලේසියාවේ 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු සිහසුන අතහැර යාමට තීරණය කර තිබේ.

    ඔහු එරට 15 වැනි රජුයි. මැලේසියාවේ රජ කෙනෙක් සිහසුන අතහරින්නේ ප්‍රථම වතාවටයි. 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු 2016 දෙසැම්බර් මස සිට එම ධුරයේ කටයුතු කළේය. ඔහු සිහසුන අතහැර යාමට හේතු කිසිවක් දක්වා නැත.

    මැලේසියාවේ රජු යනු නාම මාත්‍රික තනතුරක් වන අතර, ඔහුට දේශපාලන බලයක් නොමැත. අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීම රජු ඉදිරියේ සිදු කරන අතර, සිරකරුවන්ට සමාවදීම සම්බන්ධයෙන් රජුට කිසියම් බලයක් පැවරී ඇත. මැලේසියාවේ නව දෙනෙක්ගෙන් යුත් රාජ්‍ය පාලක මණ්ඩලයක් සිටින අතර, ඉන් එක් අයෙක් පස් වසරක ධුර කාලයක් සඳහා තෝරා ගැනේ.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 10:22

    Latest News