කොංගෝ මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයක්

ජන 06, 2019


    කොංගෝ ජනරජයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කෙරේ.

    ඉකුත් සතියේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබිණ. කොංගෝ ජනරජයේ මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ, මේ වනතෙක් ලැබී ඇත්තේ ප්‍රකාශිත ඡන්ද පත්‍රිකාවලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.

    මේ සම්බන්ධයෙන් අද රැස්වීමක් ද පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. ප්‍රතිඵල තවත් දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව ද වාර්තාවේ. නිදහසින් පසු කොංගෝ ජනරජයේ සිදුවන පළමු ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව මෙයයි. හිටපු ජනාධිපති ජෝෂප් කබිලා ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ පත් කිරීමත් සමඟ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කෙරිණ.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 14:51

    Latest News